Tuesday

ජම්බුවා School bus එකේදී කැත වැඩක් කරලා

http://www.scmp.com/sites/default/files/galleries/2012/10/08/6_0.jpg ‘උඹ නං හෙණ කැත වැඩේ කළේ බං හරිද? පව්නේ බං අර කෙල්ල... උඹට තව හිතන්න තිබ්බා ඒකි ගැන. දැන් බලපං අර කෙල්ල කොච්චර අඬනවද කියලා’ මම බස් එකට නඟිද්දිම මහා ගෝරනාඩුවක සද්දයක් ඇහුණා.

‘මොකෝ බං බොතේ කෑ ගහන්නේ?’
‘නෑ බං බලපං මේ ජම්බුවා අරකිට Boot එක තියලා බං’ මම අහපු ප්‍රශ්නෙට බොතයා උත්තර දුන්නා.


සිද්ධිය දරුණු නිසාත්, අපි රොයිටර්ගේ ලේ ඥාති වගේ නිසාත් ඔළුව දාලා බැලුවා මොකක්ද සිද්ධිය කියලා. බලද්දි නිශාරිව වටකරගෙන කෙල්ලො ටික සනසනවා. ඒකි හොටු පෙරාගෙන අඬනවා.

ඒ අතරේ ජම්බුවට පස්සේ Seat එකේ වටකරගෙන අපේ උන් බනිනවා.
‘ඇයි ජම්බු උඹ ඒකිට  එහෙම කළේ’ සිද්ධිය හරියටම පැහැදිලි නැති වුණත් මමත් උෟට බනින්න ගත්තා.
‘දැන් උඹත් මට කියන්නේ මට ආදරේ නැති හෝන්තුවකට බඩකට පුරා ආදරේ කරන්න කියලද? අනේ පලයං බං යන්න’ ජම්බුවත් මෙච්චර වෙලා හිතේ තදකරන් හිටපු තරහ එක පාරටම එළියට දැම්මා.

කිසිම දෙයක් නොකියා මම සුපුරුදු මුල්ලට Set වුණා. කවුද හරි කවුද වැරැදි කියන ප්‍රශ්නයත් හිතේ තදකරගෙන කල්පනාවට වැටුණා.
ඇත්තටම ඒ ප්‍රශ්නේ හිතේ තියාගෙන වාඩි වුණාට, හිතන්න පටන් ගත්තේ වෙන line 1ක් ගැන. එක අතකින් ජම්බුවත් සාධාරණයි. මොකද? උෟ කියන කතාව ඇත්තනේ. උෟට ආදරේ කරන්නැති කෙල්ලෙක්ට උෟ ආදරේ කරන එක ඇත්තටම මෝඩ වැඩක්. එහෙම බලද්දි උෟ සාධාරණයි. එහෙම කියලා උෟ කරපු වැඩේ සාධාරණද නැද්ද කියන එකට උත්තර මං ළඟ නෑ.

හැබැයි මේ සිස්ටම් එකේදිත්, මේ ප්‍රශ්නෙදිත් අපි හැලුණු අපි හලපු තැනක් කල්පනාව අස්සේ මට Set වුණා.
දැන් බලපං නිශාරිට Boot එක තිබ්බා කියලා. අද කී දෙනෙක් ජම්බුවට බනිනවද? මොකද ඒ? මූ කොල්ලෙක් නිසා. කොල්ලෙක් කෙල්ලෙක්ව අතහැරියොත් ඒ කෙල්ල හොටු පෙරාගෙන අඬනවා. එතකොට ඒ කෙල්ලව සනසන්න නළවන්න කී දෙනක් නම් Set වෙනවද? ඊට පස්සේ උන් සේරම එකතු වෙලා අර කොල්ලට බනිනවා.
ඒත් කෙල්ලෙක් කොල්ලෙක්ව දාලා ගියාම? අන්න එතෙන්දී අපි කාටත් උත්තර නැති වෙනවා. කොල්ලා දාලාගියාම වගේම තමයි කෙල්ල දාලා ගියාමත් වෙනස් වෙන්නේ ටික දෙයයි.

කෙල්ල මුළු ලෝකෙටම පේන්න හොටු පෙරාගෙන අඬනවා. කොල්ලා කාටවත් පේනවට ලැජ්ජ නිසා දුක හිතේ හංගගෙන ගිහින් අඬනවා. කෙල්ලව සනසන්න 1000ක්
දෙනා ඉන්නවා. ඒත් කොල්ලා තනියම හිත හදාගන්න Try කරනවා.  කෙල්ලව දාලා ගියා කියලා හැමෝම අර කොල්ලට බනිනවා.
ඒත් කොල්ල දාලා ගියා කියලා කවුරුවත් ඒ කෙල්ලට බනින්නේ නෑ. හැමදාම වගේ කොල්ලා තනිවෙනවා.

අන්න ඒකයි මම කිව්වේ කෙල්ල දාලා ගියත් කොල්ලා දාලා ගියත් දැනෙන්නේ එකම දේ කියලා.
හැබැයි එක තැනකදී අපි වෙනස් වෙනවා. කෙල්ල තමන්ව අනාථ කළා කියලා කොල්ලගෙන් පළිගන්න හදනවා. ඒත් කවදාවත් කෙල්ල දාලා ගියා කියලා කොල්ලෙක් ඒ කෙල්ලගෙන් පළිගන් නෑ. ඒ වෙනුවට උෟ මෙහෙම ලියනවා.
බුදු සරණයි!

මගේ හැමදේම ගත්ත ඔයාටත් ඔයාගේ හැම වැරැද්දටම මාව වැරැදිකාරයා කරපු ඔයාගේ අම්මටත්.
පුරහලෙන් බස් එක ඇදෙනවා. බහින්නත් ළඟයි. හැම එකාම වගේ ජම්බුට බනිනවා. ඒ උෟ අර කෙල්ලව දාලා ගිය නිසා. ඒත් ඒ කෙල්ල ජම්බුවාව දාලා ගියානම් අද මේ බනින උන් අර කෙල්ලට බනීවිද?
‘ජම්බු! වරෙං බහින්න. උඹ කළේ හරි දේ. උඹට නොගැළපෙන කෙනා අත්හැරීම. මුන් බැන්නට උඹ ගණන් ගන්න එපා බං’

සහන් දහනායක