Wednesday

ස්කයිප් පේ‍්‍රමයෙන් පසු අනුෂා කැන්ගරු දේශයට


ටෙලි නාට්‍ය නිළි අනුෂා රාජපක්ෂ ලබන සිකුරාදා(30* විවාහ දිවියට ඇතුළත් වන බව ගොසිප් ලංකා වෙත වාර්තා වනවා.

ඇය විවාහ වන්නට යන්නේ දැනට  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ලාංකික මළල ක‍්‍රීඩකයෙකු සමග බවත් ඔහු සමග ස්කයිප් ඔස්සේ පැවැත්වූ ආදර සම්බන්ධයකින් පසු මෙසේ විවාහ වන්නට යන බවත් වාර්තා වනවා.
 

කෙසේ වෙතත් ඔහු දැනටමත් වෙනත් විවාහයක සිටින පුද්ගලයෙකු බවද වාර්තා වුණා.

පසුගිය මාර්තු මාසයේ ලංකාවට පැමිණ ඇති අනුෂාගේ පෙම්වතා සමග ඇය පසුගිය දිනවල ඇතැම් උත්සව අවස්ථාවලටද ප‍්‍රසිද්ධියේ සහභාගීවූ අතර මින් සති කිහිපයකට පෙර පැවති ටෙලි නිළි බුවනි චාපාගේ 21 වන උපන්දින සාදයටද මෙම යුවළ එක්ව සිටියා.

ලබන සිකුරාදා කලගෙඩිහේන ප‍්‍රදේශයේ විවාහ උත්සවය පවත්වන්නට යන බවත් එයින් අනතුරුව අනුෂා සිය පෙම්වතා සමග  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යනු ඇති බවත් වාර්තා වනවා.

අනුෂා  ඕස්ටේ‍්‍රලියාවේ පෙම්වතා සමග බුවනිගේ සාදයේදී ඡුායාරූපය.