Thursday

ගැහැනු දෙදෙනකුට ඉඩ තියෙනවා - හර්ෂණ බෙත්මගේ

ජීවිතයේ කවදාවත්ම අමතක නොවන ගැහැනිය කවුද?
ජීවිතයේ කවදාවත් අමතක නොවන විදියේ ආදරයක් උණුසුමක් දුන්නු ආදරණීය අම්මා තමයි.

ගැහැනියක් නිසා අමාරුවේ වැටිලා තියෙනවද?
අපෝ ඔව්, මම ඉස්කෝලේ යන කාලේ 10 වසරෙදී විතර Love affear එකක් තිබුණා. ඒක ඊට අවුරුදු 3 1/2කට පස්සේ නැතිවුණා.

ඉතින් අධ්‍යාපන කටයුතු ටිකක් මඟහැරිලා ප්‍රශ්න වුණා. ඒක තමයි ඉතින් අමාරුවේ වැටීම.

ජීවිතය ඇතුළේ ගැහැනු කීදෙනකුට ඉඩ තිබෙනවද?
ගැහැනු දෙන්නටයි. එක්කෙනෙක් මගේ අම්මා. අනෙක් කෙනා මගේ බිරිය.

ගැහැනියක් ඔබ ඉදිරියේ මොනවගේ වෙන්න ඕනද?
නෑ. මම කියන්නේ කාටවත් ඕන විදියට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න. මම ගමක ගැහැනු ළමයෙක් එක්ක විවාහ වුණොත් එයා මට ඕන නිසා කොළඹ Type වෙන්න ඕන නැහැ. එතකොට ඒක විහිළුවක් වෙනවනේ.

ගැහැනු ළමයකුගේ Fashion මොනවගේ වෙන්න ඕනද?
ඒක එක එක විදියයි. තමන්ට ගැළපෙන Fashion එක තෝරාගන්න. ගැළපීම ගැන හිතන්න. නැත්නම් නොදැනුවත්වම බ්ධඬඥ එකක් වෙනවනේ.

ගැහැනියක් විවාහය සමඟ ගෙදරට කොටුවෙන්න ඕනැද?
ගෙදරට කොටුවෙන්න එපා. නමුත් වගකීම් ඉෂ්ට කරන්න. විශ්වාසය ආරක්ෂා කරගන්න. එහෙම වුණාම ගෙදරට කොටුවෙන්න වෙන්නේ නැහැ.

ඉතින් මේ වගේ පරමාදර්ශී කාන්තා චරිතයක් එක්ක ඔබේ ජීවිතය බෙදාගන්නේ කවදද?
මම අනිවාර්යයෙන්ම අවුරුදු 29න් විවාහ වෙනවා. ඒත් මට තවම අවුරුදු 25යි.