Saturday

පෙනුම වෙනස් කරන සුවඳ

සුවද විලවුන්
මගින් පෙනුම
 වෙනස් වෙනවාද? 

සුවඳ විලවුන් භාවිතය කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වන අතර එය ඔවුන් කෙරෙහි ඇති වන ආකර්ශනය වැඩි කරන බව කාන්තාවෝ විශ්වාස කරති. 

ඇමෙරිකාවේ මොනෙල් කෙමිකල් සෙන්ටර් ආයතනයෙහි විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් මෙම කරුණ නිවැරදි බව සනාථ වී ඇත. 


ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව සිත් ඇදගන්නා සුළු සුවඳක් හමුවේ කාන්තාවන්ගේ මුහුණු වඩාත් සුන්දර ලෙස දිස් වන බව හෙළිවී ඇත. ඔවුන් පවසන්නේ සුවඳ අප ආකාර්ශනීයත්වය වටහා ගන්නා ආකාරය මෙන්ම එකිනෙකා තේරුම් ගන්නා ආකාරයද වෙනස් කරන බවයි. 

කෙසේවෙතත්, ප්‍රසන්න සුවඳක් හමුවේ වඩාත් තරුණ පෙනුමක් නොලැබෙන බවද ඔවුන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම සුවඳ බලපෑම් ඇති කරන්නේ මුහුණේ ලක්ෂණ හඳුනාගන්නා දෘෂ්‍යමය හැකියාවටද එසේත් නැත්නම් මොළය විසින් මුහුණු භාවාත්මකව ඇගයුමකට ලක් කරන ආකාරයටද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. 
මූලාශ්‍රය - ඩේලි මේල්