Thursday

අපි කොටට අඳිනවට තමයි සමාජය කැමැති - පවනි මධූෂා



පවනිට ගැළපෙනම ඇඳුම කුමක් කියලද හිතන්නේ?
එහෙම එක ඇඳුමක් ගැන දන්නේ නැහැ. යන තැනට ගැළපෙන විදියට අඳිනවා. මම නම් කැමැති ගොඩක් ඛ්චඵභචත අඳින්න.

ඛ්චඵභචත කියලා පවතින අදහස් කළේ කුමක්ද
මම හරි කැමැතියි සිම්පල් විදියට අඳින්න. ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇඳලා බාටා දෙකක් දාලා යන්න තියනවා නම් කැමැතියි.
ඔයා කොටට අඳින කෙනෙක්ද?
ඇඳුමක් කියන්නේ ඇඳුමක් විතරයි. ඒ ඇඳුම අවශය විදියට අවශ්‍ය තැනට අඳිනවා.
එදා “සිර අවුරුදු උළෙල වෙලාවෙදි ඇන්ඳ ඔසරියට මොනවද ලැබුණේ ප්‍රතිචාර?
හැමෝම ලස්සනයි කිව්වා.

ඒ ලස්සනයි කිව්ව අය අතර කොටට අඳිනවට වඩා සංවරව අඳිද්දි ලස්සනයි කිව්ව අය හිටියේ නැද්ද?
එක එක්කනාගේ කැමැත්ත වෙනස්නේ.
පවනිත් කොටට අඳින රැල්ලට අහුවෙලාද?
නැහැ. මම කිසිම රැල්ලකට අහුවෙලා නැහැ. මම ඇඳුම තීරණය කරන්නේ යන තැන අනුව.

ඒත් අපි පවනි හැම වෙලාවෙම දකින්නේ සංකර කොට ඇඳුම් ඇඳගෙන ඉන්නවා විතරයිනෙ.
දකින වෙලාව අනුව ඒක වෙනස් වෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නෙත් අපි එහෙම කොටට අඳිනවා දකින්නනෙ.
 කොටට අඳින්නේ වැඩිදෙනෙක්ගේ ආකර්ෂණය ලබාගන්නද?
අනේ නැහැ.

එහෙනම්?
ඒක එක තෝරා ගැනීමක් විතරයි.
ඇඟ නිරාවරණය වෙන විදියට ඇඳුම් ඇඳලා අපහසුතාවට පත්වුණු අවස්ථා නැද්ද?
අනේ නැහැ. මට එහෙම දෙයක් වෙලා නැහැ.
අඩ නිරුවත් ඇඳුම්වලින් ප්‍රසිද්ධියේ පෙනී ඉන්න පටන් ගන්නේ කවදා ඉඳන්ද?
එහෙම එකක් නැහැ. මම එක දේකට කොටුවෙලා නැහැ. එහෙම විශේෂත්වයක් නැහැ.

ජනප්‍රිය වෙන්න ලිංගික අල්ලස් දෙන්න ඕනේ කියන කතාව පවනිටත් ආදළද?
මම ඔය ලිංගික අල්ලස් දීලා නැහැ. මට සිරස කියන්නේ ගෙදර වගේ. මම ආව ගමනෙදි මට එහෙම කිසිම දෙයක් වෙලා නැහැ.

ඡායාරූප ශිල්පියෙක් ඉදිරියේ පෙනී සිටියද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ?
මම එහෙම ලොකුවට ෆොටෝ ෂූට් කරන්නේ නැහැ. මම මොඩ්ලර් කෙනෙක් නෙවේ. ෆොටෝ ෂූට් එක අනුව තමයි ඒ දේ තීරණය වෙන්නේ.
ජාත්‍යන්තර තලයේ රූගත කිරීමකට අඩ නිරුවත් හෝ නිරුවත් වෙන්න වුණොත්?
මම ඒක කරන්නේ නැහැ.

පවනි කියන්නේ ඉඥය කෙල්ලෙක්ද?
මම ඒ දේ පිළිගන්නෙවත්, ප්‍රතික්‍ෂේප කරන්නෙවත් නැහැ. දකින දේ අනුව තමයි ඒ දේ තීරණය වෙන්නේ. ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳලා හිටියත් ඉඥය කියලා කියන මිනිසුනේ ලංකාවේ ඉන්නේ.

සවනි ශේශාධි
ඡායා - අමිත තෙන්නකෝන්