Thursday

මුතු තරංගාට මොබයිල් දේවාරූඪයක්

මුතූ හරිම අහිංසකයි නේද? ඒ ප්‍රශ්නේ මම ඔබෙන් ඇහුවොත් ආයෙ දෙකක් නෑ ගත් කටටම ඔව් කියලා කියාවි. ඒක ඇත්ත. මුතූ අහිංසකයි තමයි. ඒත් ඒ වගේ අහිංසක කෙනකුට මේ වගේ දෙයක් කරන එක සාධාරණද මං අහන්නේ...

ඔන්න ඔන්න ෆෝන් එක රිංග් වෙනවා.
හිතවත් පාරිභෝගිකය දුරකතනයෙන් සාස්තර කීමේ 'මොබයිල් දේවාරූඪයට' ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපගේ දේව ගැති කාමිල් ගීතික ශ්‍රී මතාණන් කාර්යබහුල බැවින් මඳක් රැඳී සිටින්න.


හලෝ කවුද මගේ නම්බර් එක දුන්නේ?
රැඳී සිටියට ස්තුතියි. නැවතත් සුපුරුදු වැඩසටහන සමඟින් දේව ගැති කමීල් මහතා ඔබ සමඟ සම්බන්ධ වේ.
පිස්සුද මං දන්නේ නෑ.
ගුදම් බරාහේ - මධුරි ඩික්සිත් -මචකර්තේ මචකර්තේ. දරුවා ඔබේ නම නොකියා ලග්නය පමණක් සඳහන් කරන්න.
කන්‍යා.

ලූලා නැති වළට කණයා පණ්ඩිතයානේ. අබි බී අනූරිලයේ. දරුවා ඔබට විප්‍රලම්භන ශෘංගාරය දැනුණු අවස්ථාවක් සඳහන් කරන්න.
මොකක්? (ඒක ටිකක් සැරෙන් ඇහුවේ.)
හොඳයි ඔබේ කෘන්තක හා රදනක දත්තවලට අනුව නම මුතූ තරංගා වන්නේය. ඔබට ඉදිරියේදී ගාමණී නමින් නිපදවන චිත්‍රපටයක රඟපෑමට ලැබෙන්නේය.
අපෝ... ඒක රඟපාලා කොච්චර කල්ද?

ඕවාහාහා කොඩිනල විසිකොමිටා හෝ හෝ බ්‍රහ්මණයන් 2012-12-12ට පසු කැලැන්ඩර් නොසෑදීම නිසා කාලය පසු පසට යන්නේය. එසේ නම් ඔබට රොෂාන් ප්‍රනාන්දු හා උපේක්ෂා සමඟ ටෙලියක රඟපාන්න ලැබෙන්නේය.
මොනවද ගුරු ජී මේ කියන්නේ ඒකත් කරලා ගොඩක් කල්.
හුටා හේ අපි අයිස් සෑඩිං - යූ අයිස් පෙම් ලාෂිං මා දෑසේ වේදනා ඔබේ දෑසේ පෙම් සිනා ගීතයට ඔබ ඉතා ප්‍රිය කරන්නේය.
ඉතා ප්‍රිය කරන්නේ නම් නෑ ඒ වුණාට අකැමැත්තකුත් නෑ.
ඔබේ නමින් සෑදූ ගීතයක් කාලසර්ප යෝගයට හසුව වෙනත් නමකින් පැමිණ ඇත.

මොකක්ද ඒ සින්දුව?
දෙනෙත් පුරා පිරි කඳුළැල් ගීතය කලින් තිබුණේ වියළුණු සිත් සනසවන්න මුතූ තරංගා කියලා. පසුව එය නදී තරංගා වුණා.
බොරු කියන්න එපා ගුරු ජී. ඔයාට බෑ මාව අල්ලගන්න ඕවට හරිද? අම්මට කියන්න වොච් එක අපේ ගෙදර දාලා ගිහින් කියලා.
සුන් දා හේනා තූ - මෙරා හා දුමේ - මම ඒක කියන්නං. අන්න අපේ අම්මා ඔයාට බැන බැන ඉන්නවා සල්ලි ගත්තාම වෙලාවට දෙන්නේ නෑ කියලා.
මම? මොන සල්ලිද? අනේ මේ මම අහුවෙන්නේ නෑ හරිද? ඉන්නවා මම අම්මට කියන්නම් ක්ලාස් කට් කරලා විජේරාමේ කෙල්ලො එක්ක රවුම් ගහනවා කියලා.
ඒව ගෙදර දන්නවා. ඔයා අලුතෙන් කියන්න ඕන නෑ.

ආ ඇත්තද ගුරු ජී?
මේ මට කෝල් එකක් එනවා එයාගෙන්. මම තියෙනවා.
හා හා බායි.
කමක් නෑ. මුතූට ඒ කෝල් එක ආවේ නෑදෑයෙක්ගෙන් කියලනේ හිතාගෙන ඉන්නේ. ඒ අහිංසකීගේ හිත කඩන්නේ මොකටද? එහෙම්මම හිතපුවාවේ මෙරෙ ආෂිකී මෙරෙ දිල් තෙරේ.
ඕවා හ් හා හා හා..

සුපුන් චමීර රත්නායක
ඡායා-අසන්ත ගමආරච්චි