Friday

දෙවැනි වතාවටත් අඹුසැමියන් ලෙස හැසිරිලා

බාලවයස්‌කාරියකගේ
පෙම් පළහිලව්වක්
දුරදිග ගිහින්.....

සෙවනගල නෙළුම්සිරි ගම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර දැරියක්‌ අපහරණය කිරීම සම්බන්ධයෙන් උසාවි ඇප මත සිටි තරුණයෙකු දෙවන වරටත් එම තරුණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය මගින් පෙරේදා (27 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු පහළොවයි මාස 2 ක්‌ වයසැති මෙම බාලවයස්‌කාර තරුණිය අපහරණය කොට අඹුසැමියන් ලෙස හැසිරීම සම්බන්ධයෙන් විසිහත්හැවිරිදි තරුණයකු

වන මොහු මීට මාස හයකට පමණ ඉහත දී ද ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට ඇපමත මුදැහැර තරුණිය මවට භාරදී තිබිණි.

යළිත් එම තරුණියම ඔහු විසින් නිවසට කැඳවාගෙන ගොස්‌ සිටියදී දෙදෙනාවම පොලිස්‌ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. සෙවනගල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක