Monday

පණටත් වඩා ආදරය කරන කෙනෙක් මට ලැබුණා

1.බේ සම්පූර්ණ නම මොකක්ද?
යූ.එල්.ඩී. සෙව්වන්දි ගුණසිංහ

2. ගෙදර අය ඔබට අමතන්නේ මොකක් කියලද?
.අම්මා කියන්නේ චූටි මැණිකේ කියලා. යාළුවෝ කියන්නේ සෙව් කියලා.

3. ඔබ කැමැති නිළියක් කියනවටද? නිරූපිකාවක් කියනවටද?
නිරූපිකාවක් කියනවට.


4. ඇයි ඒ?
මම වැඩියෙන්ම කැමැති නිරූපණයට ඒ නිසා මම ආස නිරූපිකාවක් කියනවට. රංගනයට මම එච්චරම කැමැති නෑ. මොකද රංගන ක්ෂේත්‍රයේ නියැළෙන්න විශාල කැපවීමක් කරන්න ඕන.

5. මතෛක් පැමිණි ගමන ගැන සතුටු වෙනවද?
ඔව් ගොඩක් සතුටු වෙනවා. කෙටි කාලයක් තුළ ඉතා දිගු ගමනක් යන්න පුළුවන් කියලා දැනෙද්දී ඒ මගේ යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා.

6. මේ රැකියාව නොකළා නම් ඔබ කරන්නේ මොන විදියේ රැකියාවක්ද?
මම කාටවත් යටත්වෙලා වැඩ කරන්න කැමැති නැති නිසා කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න තිබුණා.

7. ඔබ ජීවිතේ කියා හිතන්නේ ? (මුදල්ද ප්‍රසිද්ධියද රැකියාවද මව්පියන්ද සැමියාද දරුවන්ද)
 මම හිතන්නේ මේ හැමදේම තමයි ජීවිතේ. ඒ හැමදේම සම්පූර්ණ වෙන්න ඕන ප්‍රසිද්ධිය නැතුව.

8. ජීවිතේ අරමුණ කුමක්ද?
මගේ ප්‍රතිපත්ති තියෙනවා. මම කැමැති ඒ ප්‍රතිපත්ති රැකගෙන ජීවිතේ හොඳින් යහපත් විදියට දියුණු වෙන්න.

9.හිතට දුකක් දැනුනම මොනවද කරන්නේ?
මට දුකක් හිතේ තද කරගෙන ඉන්න බෑ. ළඟම ඉන්න අයට කියලා හිත සැහැල්ලු කරගන්න ඕන.

10. ඔබ වැඩියෙන්ම සතුටු වුණු දවස?
එහෙම විශේෂ දවසක් නෑ. ගොඩක් දවස් මම සතුටින් ඉන්න නිසා මගේ පවු‍ලේ අයත් එක්ක ඉන්න හැම දවසම මම පුදුම සතුටක් ලබනවා.



11. ඔබ වැඩියෙන්ම දුක්වුණ දවස?
දුක්වුණු දවස් නම් තියෙනවා. ඒ ගොඩක් වෙලාවට යාළුවෝ නිසා. මම මානසිකව වැටිලා තියෙනවා. අනිත් අයව ඕනවට වඩා විශ්වාස කරන ගිහින් තමයි. ගොඩක් දුක්වෙලා තියෙන්නේ.

12.ඔබ කලකිරුණු දවස?
මගේ ජීවිතයේ මම කලකිරිලා නෑ. මොකද මම සතුටින් ජීවිතේ ගෙවන නිසා.

13. ආදරේ ගැන හිතන්නේ කොහොමද?
විශ්වාසය අවංකම අවබෝධය තියෙනවානම් තේරුම් ගන්න පුළුවන්නම් ඒ දේ තමයි
ආදරය කියලා කියන්නේ.

14. පළමු පෙම්වතා කවුද?
පාසල් යනකා‍ලේ තමයි පළමු පෙම්වතා මුණ ගැසුණේ.

15. ප්‍රේමය බිඳීවැටුණොත්?
ප්‍රේමය බිඳවැටෙන්න හේතුව හොයනවා. ඊට පස්සේ වුණ වැරැද්ද හදාගෙන හිතහදා ගන්නවා මම කැමැති නෑ හැමදාම අඬ අඬා ඉන්න එකට.

16. ආදරේ කරන කෙනකුට දෙන්න කැමැති මොන විදිහේ තෑග්ගක්ද?
එයා පුදුම වෙන හිතන් නැති තෑග්ගක් දෙන්න මම කැමැතියි.

17. ඔබගේ උපන් දිනයට ඔබ බලා‍පොරොත්තු වෙන්නේ මොන විදියේ තෑග්ගක්ද?
මම ආසම චොක්ලට්වලට. ඒ වගේ ඇඳුම් පැලඳුම් ටෙඩිබෙයාර්ලා ලැබෙනවා නම් කැමැතියි.

18. ඔබගේ ජීවිතයේ ලැබුණු හොඳම තෑග්ග මොකක්ද?
මට ලැබුණු හොඳම තෑග්ග තමයි මාව තේරුම් ගත්ත මට පණටත් වඩා ආදරය කරන විශේෂ කෙනෙක් ලැබුණු එක.

19. අත්හැර ගන්න කැමැති පුරුද්දක් තියෙනවද?
ඔව්. කාගේවත් හිත රිද්දන්නේ නැතුව ඉන්න එක.

20. ඔබ කැමැති පෙම්වතා මොන විදියේ කෙනෙක්ද?
මම කැමැති මාව ආරක්ෂා කරන මම යන එන තැන් හොයලා බලන මගේ අදහස් තේරුම් අරගෙන වුවමනා එපාකම් හොයලා බලන බොරු නොකියන කෙනෙක්ට මම කැමැතියි.