Wednesday

සත්තු වත්තක් සමග ලංකාවට ආ කාන්තාවක්

ගිරවුන් හාවුන් පරෙවියන් සමග ලංකාවට ආ කාන්තාවක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් නුවර සිට සතුන් 26 දෙනෙකු දිවයිනට රැුගෙන ආ කාන්තාවක ගුවන් තොටුපළ රේගුව ඊයේ (27) රාත‍්‍රියේ අත්අඩංගුවට ගත්තා.

ඇය මීගමුවේ පදිංචිකාරිනියක්. පරෙවියන් දස දෙනෙකු, හාවුන් 6 දෙනෙකු, ගිරවුන් 9 දෙනෙකු සහ කටුස්සෙකු ඇය මෙලෙස දිවයිනට රැුගෙන විත් තිබෙනවා.


මෙම සතුන් අලෙවි කිරීම සඳහා තායිලන්තයේ සිට ගෙන ආ බවයි ඇය සඳහන් කර ඇත්තේ.