Wednesday

තහනම් පෙම සැමියාගේ අතට හසුවී අලි ජංජාලයක්


අනියම් සැමියාට යැවූ කෑම පාර්සලය විවාහක සැමියා අතට ‍පත්වුණු අපූරු පුවතක් තිරප්පනේ ප‍්‍රදේශයෙන් වාර්තා වේ දරු දෙදෙනකු සිටින සැමියාත් බිරියත් රජයේ  සේවකයෝය බිරිය සකසා දෙන කෑම පැකට්ටුව ද රැුගෙන සැමියා යතුරුපැදියෙන් කාර්යාලයට යන අතර බිරිය බස් රථයේ නැගී ඇගේ රාජකාරි ස්ථානයට යෑම සාමාන්‍ය සිරිතය.

ඇගේ අනියම් සැමියාට දෙන කෑම පාර්සලය බසයේ කොන්දොස්තර කොලූ‍වාට බාරදීමට ඇය පුරුදුව සිටියා ය.
මේ මොන කරදරයක් ද හොර මිනිහට මම කෑම අදින්නේ ඒ ගෑණි අපිට කිසි සපෝට් එකක් නෑ යැයි බස් රථයේ රියැදුරුට පැවසූ කොන්දොස්තර කොලූ‍වා ඇගේ විවාහක සැමියාගේ කාර්යාලයට ගොස් කෑම පැකට්ටුව ඔහු අතට දී නෝනගේ හොර මහත්තයාගේ නම මේකයි මේ කෑම පාර්සලේ එයාගේ කන්තෝරුවට ගිහින් දෙන්න අද මට යන්න වෙලාවක් නැහැ යැයි කියා පිටව ගොස් ඇත.

මින් අන්දමන්ද වී බලවත් ලැජ්ජාවට පත් සැමියා කෝපයෙන් දැවෙමින් බත් පාර්සලය ලිහා බලද්දී තමාට නැති අල බැඳුමක් මස් කෑලි දෙකක් එහි තිබෙනු දැක කෑම පාර්සලය නිවසට රැුගෙන ගොස් ඇගේ මුහුණට දමා ගසා ඇත.

රහස එළිවීමෙන් කැර කියා ගත හැකි කිසිවක් නොවූ බිරිය මේ දිනවල මිතුරියකගේ නිවසේ සැඟවී සිටින බව පැවසේ.

තෙන්නකෝන් කුලසේකර