Friday

අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි වූ රාණී

කුවේණි නැඟණියගේ
මාලිගාවේ 
ගල් කණුත් උස්සයි

කල්පිටිය, කන්දකුලිය කුඩාව සංචාරක හෝටලයක තිබියදී කල්පිටිය පල්ලිවාසල්තුරේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කුවේණිගේ නංගිගෙ බව කියන අල්ලිරාණි මාලිගයේ පාදමට අයත් යැයි සැලකෙන ගල් කණු හයක් එහි සංචාරක හෝටල හිමිකරුද සමඟින් පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයීය පුරාවිද්‍යා වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ ඉපැරැණි වටිනාකමින් යුතු ගල් කණු අල්ලිරාණි මාලිගයේ සිට මීටර පන්සියයක් පමණ දුරින් වූ

පෞද්ගලික ඉඩමක තිබියදී රැගෙන ගිය බවත් එම ඉඩමේ හිමිකාරිය හෝටල් හිමියාගේ ඥාති සොහොයුරියක බවත් පරීක්ෂණ පවත්වන කල්පිටිය පොලිසියට සැකකරු පවසා ඇත.

අල්ලිරාණි යනු කුවේණියගේ පියාගේ වැඩිමහලු සොහොයුරාගේ දියණිය බවත් ඇය ප්‍රාදේශීය රැජනක ලෙස මේ ප්‍රදේශය පාලනය කළ බවත් පුරාවිද්‍යාවේ පැවැසේ.

අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි වූ රාණී කුමරිය, අලියා රාණී ලෙස ප්‍රකට වූ බවටද ජනප්‍රවාදයේ පවතී.