Tuesday

සරසවි කෙල්ල මැරුවේ මේ නිසාලු - පෙම්වතාගේ පාපොච්චාරණය

http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplanka/Elpitiya.jpg කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ ඩිමාෂා ගයනකි ත‍්‍රිමානට (22* පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු වන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 4 වැනි ගැමුණු හේවා බළ ඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද‍්‍රජිත් අතුකෝරල (26* නමැත්තා පෙරේදා (24 වැනිදා* ඇල්පිටිය පොලිසියට පාපොච්චාරණය කරමින් කිව්වේ

‘ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව එයාට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා. ඒත් ඒ සම්බන්ධය නතර කරන්නේ නැහැ කියලා එයා කීවා. මට දැනුණු කෝපය නිසා මම ඩිමාෂාට පිහියෙන් ඇන්නා’ ලෙසිනි.


මෙම සිසුවිය පෙරේදා (24 වැනිදා* අලූයම ඇල්පිටිය බස් නැවතුම්පළ පිටුපස ගොඩනැගිල්ලකදී සැකකාර යුද හමුදා සෙබළා විසින් පිහියකින් ඇන මරා දමා තිබුණා. ඔහුගේ පාපොච්චාරණය සම්පූර්ණ ලෙස පහත පරිදිය.

පාසල් යන කාලයේ සිටම ඇසුරු කළ ඩිමාෂා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දින සිටම මම ඇයට අවශ්‍ය සියලූ වියහියදම් දැරුවා. මා පණමෙන් ඇයට ආදරය කළා. දැනට වැඩිදුර පුහුණුවක් සඳහා තන්තිරිමලේ හමුදා කඳවුරේ රාජකාරි කටයුතු කරන මා මැයි මාසයේ වැටුප අරගෙන ඩිමාෂා හමුවෙන්න කොළඹ ඇවිත් ඇගේ අතට රුපියල් 21,000 ක් ලබාදුන්නා. ඈ සමග 20, 21 යන දින දෙක කොළඹ පුද්ගලික නවාතැනකත් ගත කළා. පසුව මා යළි හමුදා කඳවුරට ගියා.


පසුව මා ඩිමාෂාගේ හෑන්ඞ් ෆෝන් එකට කෝල් කළත් එයා එයට ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. පසුව මා ඩිමාෂාගේ යාළුවකුට කෝල් කළාම ඇය බෝඩිමේ සිටින බව කිව්වා. මට මේ නිසා ඩිමාෂා ගැන සැක හිතුණා.
ඩිමාෂාගෙන් මා ප‍්‍රශ්න කළ විට ඈ තවත් අයකු සමග සම්බන්ධයක් ඇති බව කිව්වා. මේ නිසා මා ජංගම දුරකථනයෙන් ඇය සමග රණ්ඩු වුණා. පසුව මම ඇයට කිව්වා මගෙන් ලබාගත් රුපියල් 21,000  ඕනි කියලා. ඇය 24 වැනිදා උදේ
3.15 ට කොළඹ යාම සඳහා බසයෙන් ඇල්පිටියට එන බවත් ඒ ආවිට මුදල් දෙන්නම් කියලත් ඈ පොරොන්දු වුණා.
මා 23 වැනිදා තන්තිරිමලේ කඳවුරෙන් සවස පිටවීම සටහන් කර කොළඹට ඇවිත් පිටකොටුවේ පේමන්ට් කඩයකින් රුපියල් 100 කට පිහියක් අරගෙන රාත‍්‍රියේ අම්බලන්ගොඩට ආවා. එතකොට වෙලාව අලූයම 1.00 ට ඇති. පසුව ඇල්පිටියට යැමට බස් නොතිබුණු නිසා අම්බලන්ගොඩ ඉඳලා ඇල්පිටියට පයින්ම ආවා. අලූයම 2.30 ට ඇල්පිටියට ඇවිත් ළ`ග තිබුණු කඬේකින් බියර් එකක් බීලා ඩිමාෂා එනකම් බලාගෙන සිටියා. අලූයම 4.15 ට විතර ඩිමාෂා ඇල්පිටියට ආවා. මා ඇය සමග ටිකක් කතා කරන්න  ඕන කියලා බස්නැවතුම්පළ අසල පාළු ගොඩනැගිල්ලට ඈ එක්කර ගෙන ගියා.

මා ඇයගේ කකුල් දෙක අල්ලා වැඳ කිව්වා අපි පසුගිය දේවල් අමතක කර දාමු මට ඔයාව නැතුව බෑ මට එදා වගේ ආදරයෙන් ඉන්න කියලා. පසුව ඇය මට මුදල් දී ඔන්න තමුසෙගේ සල්ලි මගේ සම්බන්ධය නවත්වන්න තමුසෙට බෑ. මින් පසු මගේ පස්සේ එන්න එපා කියා ඈ කිව්වා. එවිට මට ඇතිවූ දුක වේදනාව වාවාගන්න බැරුව ගියා. ඒ සමගම මට ඈ සමග දැඩි කෝපයක් ඇති වුණා.

එවිට මගේ සාක්කුවේ තිබුණු පිහිය අරගෙන ඇය බිත්තියට හේත්තු කරලා ඇගේ බෙල්ලට පිහියෙන් ඇන්නා. ඈ කෑගසාගෙන ගොඩනැගිල්ල ඇතුළට දුවන කොට නැවත මම ඇගේ පපු ප‍්‍රදේශයට පිහි පහර දෙකක් ඇන්නා.ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප‍්‍රදේශයට තවත් පිහි පහර තුනක් ඇන්නා. පසුව මට ඇය ගැන දුක හිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා.

පසුව මා ලේ තැවරුණු පිහිය නාකන්දල ඇළට විසි කළා. පසුව මා ගෙදර ගොස් ලේ තැවරුණු සපත්තු දෙක සෝදා තබා ලේ තැවරුණු කලිසම හා කමිසය බෑග් එකක දාගෙන ඇල්පිටිය ආවා. නායකන්ද ඇළ ළගට ඇවිත් ලේ තැවරුණු ඇඳුම්වලට මා ගිනි තබා නැවත ඇල්පිටිය නගරයට ආවා.

‘ඒ එනවිට සිද්ධිය වූ ස්ථානයේ සෙනග සිටියා. මා මොනවත් නොදන්නවා සේ එතනට ඇවිත් බලන් සිටියා. මේ වෙලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉව අල්ලමින් සිටි පොලිස් නිල සුනඛයා මගේ ඇ`ගට දෙවරක්ම පැන මගේ කලිසමින් දෙවරක්ම ඇද්දා. එවිට මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.’